ඩී.ඒ. රාජපක්ෂ නඩුවේ ඉතිරි 6ත් නිදහස් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 2, 2021

ඩී.ඒ. රාජපක්ෂ නඩුවේ ඉතිරි 6ත් නිදහස් !

ඩී. රාජපක්ෂ අනුස්මරණ හා කෞතුකාගාර නඩුවෙන් ඉතිරි විත්තිකරුවන් 06 දෙනා නිදහස් කරන ලෙස කොළඹ නිත්‍ය මහාධිකරණය අදාළ නඩු විභාගය අද කැඳවූ අවස්ථාවේදී නියෝග කොට ඇත.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී මැදමූලන වීරකැටිය ප්‍රදේශයේ ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල කරමින් නීතිපතිවරයා විසින් ඔහු ඇතුළු ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව පොදු දේපල පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබිණ.

ජනාධිපතිවරයා මීට පෙර එම නඩුවෙන් නිදහස් කිරීමටද පියවර ගෙන තිබිණ.


No comments:

Post a Comment

Post Bottom Ad