මින්නේරියේ සිදුවීමට සම්බන්ධ යුද හමුදාවේ මේජර් ජනරාල් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 1, 2021

මින්නේරියේ සිදුවීමට සම්බන්ධ යුද හමුදාවේ මේජර් ජනරාල් අත්අඩංගුවට

මින්නේරිය ජාතික උද්‍යානයේ වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන යුද හමුදා මේජර් ජෙනරාල්වරයා අද පෙරවරුවේ හබරණ පොලියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉකුත් ජුනි මස 23 වෙනිදා රාත්‍රියේ වනජිවි නිලධාරින් රාජකාරියේ යෙදී සිටියදී අනවසරයෙන් උද්‍යාන භූමියට ඇතුළු වූ යුද හමුදා වාහන දෙකක් පරීක්ෂා කිරීමට යාමේදී ඇතිවූ සිදුවීමක් හේතුවෙනි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අදාළ යුද හමුදා මේජර් ජනරාල්වරයා විසින් හබරණ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ බව කියන යුද හමුදා මේජර්වරයා සහ සෙසු සැකකරුවන් ඔවුන් පැමිණි වාහන ද සමග වහාම අත්අඩංගුවට ගන්නැයි ඊයේ(30) අධිකරණය නියෝග කරනු ලැබුවා.

අද දිනයේදී පොලිසියට භාරවීමෙන් පසු සිද්ධියට සම්බන්ධ යුද හමුදා මේජර් ජනරාල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.


No comments:

Post a Comment

Post Bottom Ad