ශ‍්‍රී ලංකාව ඉන්ධන ආනයනය නැවතීමේ අවදානමක ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 9, 2021

ශ‍්‍රී ලංකාව ඉන්ධන ආනයනය නැවතීමේ අවදානමක !

ශ්‍රී ලංකාවට ඉදිරියේදී ඉන්ධන ආනයනය නැවතීමට ඉඩ ඇති බවට බලශක්ති ඇමතිවරයා අනතුරු අඟවා ඇතැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

ඉන්ධන සැපයුම අඩාල වුවහොත් රටේ ජනතාව දැවැන්ත අර්බුදයකට මුහුණ දෙනු ඇති බවද ඔහු පැවසීය.

දැනටමත් මෙරට ගෑස් ආනයන සමාගමක් ගෑස් ආනයනය නවතා ඇති බවත් ඉන් අසරණ වූ පාරිභෝගිකයන්ට තවමත් විසඳුම් ලැබී නැති බවත් ඔහු කියා සිටී.

කිරිපිටි ආනයනය අත්හිටුවීමට ද සමාගම් තීරණය කර ඇති ඇති නිසා වෙළඳපල තුල කිරිපිටි හිගයක් ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.

කොරෝනා වසංගතයක් සමඟ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට කිසිදු විසඳුමක් ලබාදීමට ආණ්ඩුවට නොහැකි වී ඇතැයිද ඔහු කියා සිටියේය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad