රෝගීන් බේරාගන්නට කැපවූ ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පද්ම ශාන්ත කොරෝනාවෙන්ම සමුගනී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 10, 2021

රෝගීන් බේරාගන්නට කැපවූ ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පද්ම ශාන්ත කොරෝනාවෙන්ම සමුගනී !

ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය පද්ම ශාන්ත මහතා කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මසක පමණ කාලයක සිට කොරෝනා ආසාදනය වී කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට රෝගය උත්සන්නවීම නිසා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (09) දින ඔහු ජීවිතක්ෂයට පත්විය.

දෙදරු පියෙක් වන වෛද්‍ය පද්ම ශාන්ත මහතා කොවිඩ් වෛරසයෙන් ජනතාව බේරාගැනීමට බොහෝ කැපවී සේවය කළ අයෙකි.

සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව ඒ මහතාගේ අවසන් කටයුතු අද (10) මහනුවර, මහයියාව ආදාහනාගාරයේ දී සිදු විය.


No comments:

Post a Comment

Post Bottom Ad