“ඔබේ ඉරණම එන්නතටත් දෙවියන්ටත් භාරයි...රට වැසීමේ කිසිම අදහසක් නෑ..” - කැබිනට් ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 10, 2021

“ඔබේ ඉරණම එන්නතටත් දෙවියන්ටත් භාරයි...රට වැසීමේ කිසිම අදහසක් නෑ..” - කැබිනට් ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල

රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, නිරෝධායන ඇදිරිනීතිය පනවන්නේ දැයි මාධ්‍ය වේදියෙක- නැගූ පැනයට පිළිතුරු දෙමින්, කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ, එවැනි තීරණයක් ගැනීමේ අදහසක් රජයට නැති බවයි.

නිරෝධායන ඇදිරිනීතිය, මෙම ප‍්‍රශ්නයේ දී රජයට ඇති අවසාන විකල්පය බව අමාත්‍යවරයා පවසයි.

රට වසා තිබුනත් රජයේ සේවකයන්ට සම්පූර්ණ වැටුප ලැබේ. පෞද්ගලික අංශයේ සේවකයන් වැටුවෙන් අඩක් හෝ ලැබේ. නමුත් එදිනෙකා රැකියාවෙන් යැපෙන පිරිස් රට වසා දැමුවෝතින් දැඩි අසීරුතාවයකට පත්වන බව අමාත්‍යවරයා පවසයි.

රජය වැඩි අවධානය යොමු කර තිබෙන්නේ හැකි ඉක්මනින් ජනතාව එන්නත්කරණයට ලක් කිරීම බවත්, ජනතාවගේ ඉරණම එන්නතටත් දෙවියන්ටත් භාර දී තිබෙන බව අමාත්‍යවරයා පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad