ගුරු සටන දැඩි වෙයි! රටේම වෘත්තීය සමිති එක්ව සත්‍යග්‍රහයක් ආරම්භ කරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 10, 2021

ගුරු සටන දැඩි වෙයි! රටේම වෘත්තීය සමිති එක්ව සත්‍යග්‍රහයක් ආරම්භ කරයි!

රටේ සියලු වෘත්තීය සමිති ගුරු අරගලය හා එක් වූ බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ මහ පාරේ සටන් නොකර ගුරු සටන ඉදිරියට ගෙන යාමට මේ වන විට තීර්ණය කොට ඇති බවයි.

ගුරු විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් අද දිනයේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශ හා වතු සේවකයින් නියෝජනය කරන වෘත්තීය සමිති සමග සාකච්ඡාවන් සිදු කර සටන ජයග්‍රණය කිරීම සදහා තීන්දු තීර්ණ රැසක් ගත් බව වසන්ත සමරසිංහ මහතා මෙහි දී පවසන ලදි.

ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමේ දී  පත් කල කැබිනට් අනු කමිටුව විසින් වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් විසදුම් ලබා දිය යුතු බවත් රජය විසින් ගරු ගැටලුවට විසදුම් ලබා දී දරුවන්ගේ අධ්‍යාපන අයිති ආරක්ෂ කළ යුතු බවත් සමරසිංහ මහතා කීය.

ඒ අනුව එළැඹෙන 12 වන දින කොළඹ නිදහස්  චතුරස්‍රය ඉදිරිපිට දී සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ද ආරම්භ කරනා බවත් එතැන් සිට රට පුරා ගුරු සටනට සහයෝගය ලබා දෙන සියලු ක්‍රියාමාර්ග ද ආරම්භ කරනා බව ඒ මහතා මෙහි දී අවධාරණය කරන ලදි.


No comments:

Post a Comment

Post Bottom Ad