SJBයට ගිය අය UNPයට ගැනීම කඩිනම් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 5, 2021

SJBයට ගිය අය UNPයට ගැනීම කඩිනම් කරයි

ආසන මට්ටමින් ජනතා සංසද පිහිටුවීම හා සමගි ජන බලවේගයට ගොස් නැවත එක්සත් ජාතික පක්ෂයට එන පිරිස බඳවා ගැනීමේ කටයුතු තවත් කඩිනම් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට අද (05) දී තිබේ.

ඉකුත් සතියේ දී නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතා සංසද පිහිටුවීම සහ පක්ෂයට නැවත පැමිණෙන පිරිස බඳවා ගැනීමේ කටයුත්තෙහි නිරත විය.

ඊට අමතරව වයඹ සහ උතුරුමැද පළාත් වල ඉහත කටයුතු කඩිනමින් කිරීමේ වගකීම පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතාට ද ගාල්ල මාතර හම්බන්තොට අයත් දකුණු පළතේ ජනතා සංසද පිහිටුවීමේ සහ පක්ෂයට යළි පැමිණෙන පිරිස බඳවා ගැනීමේ වගකීම පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාට ද පවරා තිබේ.

බස්නාහිර පළාතේ ජනතා සංසද පිහිටුවීම සහ නැවත පක්ෂයට එක්වන අය බඳවා ගැනීමේ වගකීම නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර,උපනායික අකිල විරාජ් කාරියවසම්, සභාපති වජිර අබේවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad