තෙල් සංස්ථාව කොටස් 05කට කඩා පුද්ගලීකරණය කිරීමේ සැලසුමක්? පනත බදාදා පාර්ලිමේන්තුවට? - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 4, 2021

තෙල් සංස්ථාව කොටස් 05කට කඩා පුද්ගලීකරණය කිරීමේ සැලසුමක්? පනත බදාදා පාර්ලිමේන්තුවට?

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කොටස් පහකට වෙන් කර පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට තොරතුරු ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

එම කටයුත්තේ පළමු පියවර ලෙස ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පෞද්ගලීකරණය කිරීමට කටයුතු කරන බව ද ඒ සදහා ඉන්දීය රජය පිරිසක් තෙල් සංස්ථාවේ නිලධාරීන් මෙන්ම දේශපාලනඥයින් එම තෙල් ටැංකි නිරීක්ෂණයට ගොස් ඇති බවත් ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

බදාදා දිනයේ පාර්ලිමේන්තුවට තෙල් සංස්ථාව සම්බන්ධයෙන් පනතක් ගෙන එන බවත් එහි අරමුණ තෙල් පිරිපහදුව සහ තෙල් සංස්ථාව විකුණා දැමීම බවත් මන්ත‍්‍රීවරයා තවදුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad