ගයන්ත රජයේ වාහනයක් හොරෙන් අරන් ගිහින්! රජයෙන් තෙල් ගහගෙන තවම පදී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 4, 2021

ගයන්ත රජයේ වාහනයක් හොරෙන් අරන් ගිහින්! රජයෙන් තෙල් ගහගෙන තවම පදී!

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ වාහන අවභාවිතා කරන බවට චෝදනාවක් එල්ල විය.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා කියා සිටියේ 2020 සැප්තැම්බර් මාසයේ සිට අදාල වාහනය පාර්ලිමේන්තු වාහන සංචිතයෙන් ගෙන ගොස් මන්ත්‍රීවරයා විසින් පාවිච්චි කරන බවයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට වෙන්වු වාහනයක් වුවද මේ දක්වා පාවිච්චි කරමින් සිටින්නේ ගයන්ත කරුණාතිලක මහතා බව පැවසූ මුසම්මිල් මන්ත‍්‍රීවරයා මෙම වාහනයට මසකට රුපියල් එක් ලක්ෂ දාහක් දහසක පමණ ඉන්ධන රජයේ මුදලින් ලබාගෙන ඇති බවත් ටයර් ඇතුළු සෙසු නඩත්තු කටයුතු ද රජයේ වියදමින් සිදුකර ඇති බවත් පැවසීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට වෙන්වූ වාහනයක් වෙනත් මන්ත‍්‍රීවරයෙකුට මෙසේ පාවිච්චි කිරීමට කිසිදු අයිතියක් නැතැයිද ඔහු කියා සිටී.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad