ජලනි පේ‍්‍රමදාස නිවසක් බලෙන් අල්ලාගනී... අයිතිකරු නඩු දමයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 7, 2021

ජලනි පේ‍්‍රමදාස නිවසක් බලෙන් අල්ලාගනී... අයිතිකරු නඩු දමයි!

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද ජලනි පේ‍්‍රමදාස මහත්මිය විසින් තම නිවසක් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බව කොළඹ 7 කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු චෝදනා කරයි.

2007 වසරේ සිට කුලී පදනම මත නිවස ජලනි ප්‍රේමදාස මහත්මිය විසින් භාවිතා කළ ද දැනට ලක්ෂ 35 ක පමණ හිග කුලී මුදලක් තමන්ට දීමට නියමිතව ඇතැයිද ඔහු සඳහන් කරයි.

ඔවුන් විසින් දිගින් දිගටම කුලී මුදල් ගෙවීම පැහැර හරිමින් ඇති බවත් නිවස මිලදී ගැනීමට සාකච්ඡා කළ ද ඒ සඳහා වුවද මුදල් ගෙවීම් නොකරන බව ද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුත්තක් ක්‍රියාත්මක කර ඇති බවද පැවසූ ඔහු තමාට අවශ්‍ය වන්නේ තම නිවස නිදහස් කර ගැනීම හෝ නිවසේ වර්තමාන වටිනාකමට ඔවුනට එම නිවස විකුණා දැමීම බවත් කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad