ලංගමයේ කොම්පියුටර් අරන් ගිය ලොක්කෝ සෙට් එකක් මාට්ටු! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 9, 2021

ලංගමයේ කොම්පියුටර් අරන් ගිය ලොක්කෝ සෙට් එකක් මාට්ටු!

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 2018 වසරේදී පරිගණක මිලදී ගැනීමේදී ඇස්තමේන්තුගත මුදල ඉක්මවා රුපියල් මිලියන 89ක් වියදම් කොට ඇති බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදි අනාවරණය වී තිබේ.

2018 වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්ම අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පරිගණක 139ක් හා ලැප්ටොප් යන්ත්‍ර 74ක් රුපියල් 15,290,000 ක ඇස්තමේන්තුගත මුදලකට මිලදී ගැනීමට සැලසුම් කොට තිබුණද, එය ඉක්මවා පරිගණක යන්ත්‍ර මිලදී ගෙන ඇති බවද අනාවරණය වී ඇත.

මේ අනුව පරිගණක යන්ත්‍ර 800ක් හා ලැප්ටොප් යන්ත්‍ර 47ක් රුපියල් 113,303,750ක මුදලකට ප්‍රසම්පාදනය කර ඇත. ඒ අනුව 2018 වර්ෂයේ පරිගණක මිලදී ගැනීමේදී ඇස්තමේන්තුගත මුදල ඉක්මවා රුපියල් 89,977,500 ක මුදලක් ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍ය ගිණුම් හරහා වියදම් කොට ඇත


No comments:

Post a Comment

Post Bottom Ad