පොහොට්ටු මන්ත්‍රී චන්දිම, රනිල්ගේ සගයා මලික්, චන්ද්‍රිකා එකම මේසෙක! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 27, 2021

පොහොට්ටු මන්ත්‍රී චන්දිම, රනිල්ගේ සගයා මලික්, චන්ද්‍රිකා එකම මේසෙක!

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වන මලික් සමරවික්‍රම සමගින් පොදුජන පෙරමුණේ ඇමතිකමක් නොලද මන්ත්‍රීවරයෙක් වන චන්දිම වීරක්කොඩි එකම කෑම මේසයක හිඳ ආහාර ගන්නා ඡායාරූප කිහිපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඉහල ප්‍රතිචාර ලබමින් සංසරණය වෙනවා.

එහිදී සමාජ මාධ්‍ය පරිශීලකයින් ප්‍රශ්න කර සිටින්නේ ආණ්ඩු පෙරළියකට සැරසෙනවා ද යන්න ප්‍රශ්නාර්ථයකට ලක් කරමිනි. මේ හමුවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ද එක්ව සිටීම එම සැකය තවත් තීව්‍ර කරන කාරණයක් වුණා.

“ආණ්ඩු පෙරළන්න මලික් ගෙදර චන්දිම චන්ද්‍රිකා සාකච්ඡා” යනුවෙන් ඇතැම් සමාජ මාධ්‍ය හරහා මෙම හමුව වාර්තා කර තිබුණ ද ඒ පිළිබඳව තවදුරටත් සොයා බැලූ අපට දැන ගන්නට ලැබුණේ මේ හමුව සිදුවී ඇත්තේ ගාල්ලේ තල්පේ අලුතෙන් ඉදිවන හිටපු ජනාධිපතිනියගේ නිවසක බවය. එම නිවස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ගේ නිවස ආසන්නයේම පිහිටා ඇති බවත් වාර්තා වනවා.

මෙහිදී අනිවාර්යයෙන්ම මේ වන විට පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට ගොස් ඇතත් ඇමතිකමක් නොලද මන්ත්‍රීවරයෙක් වූ චන්දිම වීරක්කොඩි සහ යහපාලන ආණ්ඩුව බිඳ වැට්ටවීමට ප්‍රධාන වශයෙන් හේතුවූ මලික් සමරවික්‍රම වැන්නන් මේ එක්වී සිදුකරන්නේ අනිවාර්යයෙන්ම දේශපාලනික වශයෙන් ආණ්ඩුව අස්ථාවර කිරීමේ කූඨ උපක්‍රමයක් විය නොහැකි බවටයි සමාජ මාධ්‍ය වල අදහස් පල කර ඇති බොහෝ දෙනෙක් සඳහන් කර සිටින්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad