බඩු ගන්න ජනතාවට සල්ලි නැතිනම් අපට කරන්න දෙයක් නෑ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 7, 2021

බඩු ගන්න ජනතාවට සල්ලි නැතිනම් අපට කරන්න දෙයක් නෑ..

ජනතාවගේ අතේ මුදල් නැති වීම ගැන තමන්ට කරන්නට දෙයක් නැතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. මෙම තත්ත්වය ලංකාවට පමණක් නොව කොරෝනා වසංගතය නිසාම මුළු ලෝකය තුළම අනුගත වූ තත්ත්වයක් බව ද ඔහු කියා සිටියි.

භාණ්ඩ ලබා ගැනීමට ජනතාව අත මුදල් නැති බවට මාධ්‍යවේදියකු විසින් කළ විමසීමකදී ඔහු මෙසේ සඳහන් කළේය.

”ඒකට අපට කරන්න පුළුවන් දෙයක් නෑනෙ. මුළු ලෝකෙම නිෂ්පාදන ක්‍රියාවලිය නතර වුණොත්, ඒක තමයි අපි රටක් වැහුවොත් එදිනෙදා ජීවත් වෙන මනුස්සයාට කුලියක් මලියක් කරගන්න බැරිවුණොත් ආදායමක් නෑ. රාජ්‍ය සේවකයො පමණයි මේ රටේ ස්ථාවර වැටුප් ලබන්නෙ. අනිත් අතිමහත් බහුතර ජනතාව ඈත දියඹට ගිහිල්ලා මාළු අල්ලන් එන ධීවරයින්, ගොවිතැනක් බතක් කරන ගොවියෙක්, වඩු බාස්සුන්නැහේ කෙනෙක්, මේසන් බාස්සුන්නැහේ කෙනෙක්, කුලීමලී කරන කෙනෙක්, ජනතාව ජීවත් වෙන්නෙ ජීවිතයත් සමග අරගලයක් ජනතාව හැමදාම කරන්නෙ. ඉතිං ඒකට බාධාවෙලා තියෙනවා මේ කොවිඩ් – 19 වසංගතය. වසංගතය තුළ සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන, නීති එහෙම තත්වයක් ලෝක ඉතිහාසයේ මීට පෙර වෙලා නෑ කියලා මං කිව්වෙ ඒකයි. යුද්ධයක් තියෙනකොට, වසංගතයක් තියෙනකොට එවැනි දෙයක් ලෝකෙ ඇතිවෙනවා. ඒක ලංකාවට විතරක් තියෙන තත්වයක් නෙවෙයි, මුළු ලෝකෙටම පොදු තත්වයක්”

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad