හමුදාව, මුලතිව් මාධ්‍යවේදියාට කටුකම්බි ඒතූ පොල්ලකින් පහරදීලා - (PHOTOS) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 27, 2021

හමුදාව, මුලතිව් මාධ්‍යවේදියාට කටුකම්බි ඒතූ පොල්ලකින් පහරදීලා - (PHOTOS)

අද පෙරවරුවේ මුලතිව් හිදි අමානුෂික ප්‍රහාරයක ලක්ව දැනට රෝහල්ගත කර ඇති මාධ්‍යවේදියාට හමුදාව පහරදි ඇත්තේ කටු කම්බි ඒතු තල්පිත්තකින් බව හෙළිවේ .
මුලතිව් මාධ්‍යවේදින් විසින් ඡායාරුප සාක්ෂිද සහිතව මේ බව පොලිසියට දැනුම් දි ඇතැයි වාර්තාවේ.

මුලතිව් මාධ්‍ය සමාජය‌ේ භාණ්ඩාගාරිකද වන මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මේ වන විට බරපතල තුවාල ලබා මුලතිව් දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම පහර දිම අද පෙරවරු 10 ට පමණ සිදුව තිබේ.

මේ ප්‍රහාරයට එක්ව සිටි හමුදාවේ පිරිසගේ ඇදුම්වලට මඩතැවරි ඇති අතර මුලතිව් මාධ්‍ය සගයන් විසින් ඒ සියලු ඡායාරුප දැනටමත් සමාජය වෙත මුදා හැර තිබේ.ප්‍රහාරය එල්ල කළ සෙබළුන්ගේ ඇඳුම්වල ලේ පැල්ලම් දක්නට ලැබිණි
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි මුලතිව් පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක අමරසිංහ කියා සිටියේ මේ සිදුවිම සම්බන්ධයෙන් පරික්ෂණ අරභා ඇති බවය.

මේ ප්‍රහාරය අදාල විස්තර පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙත යැවිමට කටයුතු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකගෙන් විස්තර දැනගත හැකි බවත් වැඩිදුරටත් කියා සිටියේය.

ඡායා – තවසිලන් ෂන්මුගම් -මුලතිව් මාධ්‍ය සමාජය 
-webnewslk


No comments:

Post a Comment

Post Bottom Ad