හොරෙන් ලයිට් ගත් ටිරාජ් සර් නිසා මහරගම නගරසභාව උණුසුම් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 26, 2021

හොරෙන් ලයිට් ගත් ටිරාජ් සර් නිසා මහරගම නගරසභාව උණුසුම් (VIDEO)

තම නිවසකට නීතිවිරෝධී ලෙස විදුලිය ලබාගැනීම හේතුවෙන් මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් මහතාගේ පියා පසුගියදා අත් අඩංගුවට පත්වූ අතර එම අවස්ථාවේදී නගරාධිපතිවරයා පොලිසියට තර්ජනය කරන ආකාරය ද දක්නට ලැබිණි. 

ඊයේ (25) මහරගම නගරසභාව රැස්වූ අවස්ථාවේදී එම සිද්ධියට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කිරීම නිසා සභාව තුළ උණුසුම් තත්වයක් ඇතිවිය. 

සභාවේ ශබ්ද විකාශන යන්ත්‍ර තිබියදී පිටතින් ගෙනා ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කරමින් සභාවේ කටයුතු පවත්වාගෙන යෑමට නගරාධිපතිවරයා උත්සාහ කළත් මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය හමුවේ එය අසාර්ථක විය. 

මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් යනු මහරගම නගරසභාව සඳහා පොහොට්ටුව ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම හේතුවෙන් අහඹුවකින් මෙම තනතුරට පත්වූ අයෙකු වන අතර තනතුර දරාගැනීමටම නොහැකිව මීට පෙර ද ප්‍රශ්න ගණනාවක් ඇතිකරගත් අයෙකි. ජනතාව තමන්ට "සර්" නොකීම පවා වරක් ඔහුට ප්‍රශ්නයක් වී තිබිණි. 


No comments:

Post a Comment

Post Bottom Ad