ගෙවත්තේ මිරිස්, බටු, නිවිති හිටවාගන්න.. ආහාර හිගයක් එනවා… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 25, 2021

ගෙවත්තේ මිරිස්, බටු, නිවිති හිටවාගන්න.. ආහාර හිගයක් එනවා…

එන ජනවාරි මාසයේ සිට තම තමන්ගේ ගෙවත්තේ කුමක් හෝ බෝග කිහිපයක් පැල කර ගන්නැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දෙවන ලෝක යුද්ධ කාලයේදී පවා ආහාර හිගයක් ආ බවද ඒ මහතා සඳහන් කළේය.

ආහාර මිල ඉහල යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

“සෑම නිවසකම වගේ මිරිස් පැල කිහිපයක්, බටු පැලයක්, නිවිති ටිකක් වගා කරගන්න. මේ වගේ කෙටි කලකින් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අපි යෝජනා කරලා තියෙනවා කඩිනම් වගා සංග්‍රාමයක්. ජනවාරි මාසයේ සිට තම තමන්ගේ ගෙවත්තේ මොනවා හරි වගාකරගන්න. මොකද දෙවන ලෝක යුද්ධ කාලෙත් ඉතා විශාල ආහාර හිඟයක් ඇති වුණා.”

No comments:

Post a Comment

Post Bottom Ad