වෙස්වලාගෙන ගිහින් හොරු අල්ලපු කාලෙ ඉවරයි! බුද්ධි නිලධාරීන්ට පොලිසියෙන් අලුත් නියෝගයක් ඇවිත්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 26, 2021

වෙස්වලාගෙන ගිහින් හොරු අල්ලපු කාලෙ ඉවරයි! බුද්ධි නිලධාරීන්ට පොලිසියෙන් අලුත් නියෝගයක් ඇවිත්!

රාජ්‍ය ආරක්ෂාව, ත්‍රස්තවාදය හා මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු සොයන පොලිස් විශේෂ කාර්යංශයේ සියලු නිලධාරීන් මින් ඉදිරියට රැවුල කොණ්ඩය කපා පිළිවෙළට ඇඳුම් ඇඳ රාජකාරි කටයුතු කළ යුතු බව එම අංශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දි ඇත.

සියලු පොලිස් ස්ථානවල පොලිස් විශේෂ කාර්යංශය පිහිටුවා ඇති අතර බුද්ධි තොරතුරු ලබා ගැනීම සඳහා මෙම නිලධාරීන් වෙස් මාරු කරගෙන රාජකාරි කටයුතුවල යෙදෙන්නේ රාජකාරි පහසුව සඳහා බව වාර්තා වෙයි.

බුද්ධි අංශ නිලධාරීන් සාමාන්‍ය පොලිස් නිලධාරීන් මෙන් රාජකාරි පෙනුමෙන් තොරව රාජකාරියේ යෙදී සිටියි.

නව උපදෙස් අනුව මින් ඉදිරියට බුද්ධි නිලධාරීන් රැවුල හා කොණ්ඩය කපා පිළිවෙළකට රාජකාරියේ යෙදිය යුතුයි.

No comments:

Post a Comment

Post Bottom Ad