රට රෝහලකින් බෙහෙත්ගත්ත මන්ත්‍රීකෙනෙක්ට ජනපති අරමුදලෙන් 60 ලක්ෂයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 15, 2022

රට රෝහලකින් බෙහෙත්ගත්ත මන්ත්‍රීකෙනෙක්ට ජනපති අරමුදලෙන් 60 ලක්ෂයක්!

විදේශ රෝහලක දී සිදු කළ වෛද්‍ය ප්‍රතිකාර සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රුපියල් හැට ලක්ෂ අසූ තුන් දහසක් ලබා දීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙම මුදල ලබාදීමට තීරණය කර ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටි මන්ත්‍රිවරයකු වෙනුවෙන් බවද පැවසේ.

කෙසේවුවද, පසුගිය දෙසැම්බර් මස අවසානය වන විටත් ඊට අදාළ චෙක්පත විදේශ සබඳතා කාර්යාලය වෙත නිකුත් නොමැති බව අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

එම ගොනුවෙහි කටයුතු සම්පූර්ණ කළ පසු චෙක්පත නිකුත් කරන බව එම අරමුදල සඳහන් කර ඇත.

ජනාධිපති අරමුදලෙන් කරන ගෙවීම් වෙනුවෙන් එහි පාලක මණ්ඩලය රැස් වී අනුමැතිය ලබා දිය යුතු වුව ද 2019 ඔක්තෝබර් මාසයේ සිට 2020 වසරේ දෙසැම්බර් දක්වා වන ගෙවීම් අනුමත කිරීම සඳහා එම මණ්ඩලය රැස් වී නැති බව විගණකාධිපතිවරයා අනාවරණය කරයි.

එම කාලයට අදාළව රුපියල් දෙකෝටි පනස් පන් ලක්ෂයකට අධික මුදලක් ජනාධිපති අරමුදලෙන් පිරි නමා තිබේ.

ජනාධිපති අරමුදල ජාතික විගණන කාර්යාලයට දන්වා ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වය මත පාලක මණ්ඩල රැස්වීම් පැවැත්වීමට නොහැකි වූ බව ය.

කෙසේ වුව ද පනතේ විධිවිධාන අනුව ක්‍රියා කළ යුතු බවට ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

-srilankamirror


No comments:

Post a Comment

Post Bottom Ad