‘කෑම නෑ..’ ශ‍්‍රී ලාංකික සරණාගතයෝ ඉන්දියාවට බෝට්ටුවලින් පලා යති.. තවත් රැසක් පලා යන්න සූදානමින් - විදෙස් මාධ්‍ය - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 22, 2022

‘කෑම නෑ..’ ශ‍්‍රී ලාංකික සරණාගතයෝ ඉන්දියාවට බෝට්ටුවලින් පලා යති.. තවත් රැසක් පලා යන්න සූදානමින් - විදෙස් මාධ්‍ය

ආහාර සහ ඉන්ධන උග්‍ර හිඟයකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකු ඉන්දියාවේ තමිල්නාඩුවට ඔබ්බෙන් පිහිටි දූපතක අතරමංව සිටියදී ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් බේරා ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සැමියා සහ බිරිඳ ඔහුගේ මාස හතරක් වශයෙන් පුත්‍රයා සහ තවත් කාන්තාවක් ඇගේ වයස අවුරුදු දොළහක දරුවන් දෙදෙනෙකුද වන බව එම වාර්තාවේ සඳහන්ය.
ශ්‍රී ලංකාවේ දී ආහාර ලබා ගැනීම තමනට අපහසු වී ඇති බව ඔවුන් ඉන්දියා බලධාරීන්ට දන්වා ඇත.

බෝට්ටු කරුවකු විසින් රුපියල් 50,000ක මුදලක් ලබාගෙන ඔවුන් මෙම දූපතට ගෙනවිත් දමා ඇති බවද ඔවුන් සඳහන් කර තිබේ.

බෝට්ටුවලින් ඉන්දියාවට පලා යාමට තවත් බොහෝ පිරිසක් බලා සිටින බව ඔවුන් ඉන්දීය වෙරලාරක්ෂක බලකායට පවසා ඇත.

මේ වන විට ඔවුන් සරණාගත කඳවුරැ වෙත ගෙන ගොස් ආහාර ලබා දී ඇති බව.් ඉදිරි කටයුතු පොලිසියට භාරදී ඇති බවත් වාර්තාව කියයි.

එම වාර්තාව මෙතනින්…


No comments:

Post a Comment

Post Bottom Ad