විමල්-ගම්මන්පිලලාට එරෙහිව ආණ්ඩුවේ පසුපෙළ සටන පටන් ගනී! රැස්වීම් වර්ජනය කිරීමේ තීන්දුවක! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 3, 2022

විමල්-ගම්මන්පිලලාට එරෙහිව ආණ්ඩුවේ පසුපෙළ සටන පටන් ගනී! රැස්වීම් වර්ජනය කිරීමේ තීන්දුවක!

විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුලු කණ්ඩායම ආණ්ඩුව ඇතුළේ සිටිමින් ආණ්ඩුවට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් දැඩි පියවරක් ගැනීමට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තීරණය කොට ඇත.

ආණ්ඩුවේ පසුපෙළ කණ්ඩායමේ ප්‍රබලයකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සදහන් කළේ ‌රට ඇතුළේ ‌බරපතළ ප්‍රශ්නයක් මතුව පැවතියදී මෙම පිරිස එම අර්බූද උග්‍ර කරමින් සිදු කරන මෙම ක්‍රියාදාමය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවකි.

මේ නිසා ජනාධිපතිවරයා විසින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුලු මෙම කණ්ඩායම සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගත යුතු බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටී.

විශේෂයෙන්ම උදය ගම්මන්පිල අමාත්‍යවරයා ආණ්ඩුව ඇතුළේ සිටිමින් වැඩිම ප්‍රවෘත්ති සාකච්ජා ප්‍රමාණයක් තබා ආණ්ඩුව විවේචනය කර ඇති බව පෙන්වා දෙන ඒ මහතා ඒ කිසිදු අවස්ථාවකදී ගැටලුවලට විසදුම් ඉදිරිපත් කොට නැති බවද කියා සිටියේය.

අවම වශයෙන් ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී හෝ මේ පිළිබදව ගම්මන්පිල මහතා අදහස් ඉදිරිපත් කොට නැති බවද තෙන්නකෝන් මහතා සදහන් කළේය.

එම නිසා ඉදිරියේදී විමල් වීරවංශ, උදය ගම්මන්පිල අමාත්‍යවරුන් සහභාගී වන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වර්ජනය කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තීරණය කොට ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

තව දුරටත් මේ ආකාරයට ආණ්ඩු කළ නොහැකි බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා කෙතරම් කටුක සහ අසීරු වුවත් ජනාධිපතිවරයා විසින් මෙම පිරිස සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගත යුතු බවද කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad