ශ්‍රී ලංකා විවාහක රූ රැජිනගේ කිරුළ ගලවා තුවාල සිදු කළැයි කියන සිද්ධියට අදාළව ලබන 19 වැනිදා සමථ මණ්ඩලයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ වැඩබලන ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා එහි පැමිණිල්ලට සහ අගතියට පත් පාර්ශවයට ඊයේ (14) නියෝග කළා.
මෙම සිද්ධියට අදාල පැමිණිල්ල සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින්.
මෙහි විත්තිකරුවන් දෙදෙනා වන්නේ ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජුරි සහ නිරූපණ ශිල්පිනියක් වන චූලා පත්මේන්ද්‍රන් යන අයවලුන්ය.
මෙම සිද්ධියට අදාළව කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර සිටි අතර පොලිස් ඇප මත සිටි සැකකාරියන් දෙදෙනා සහ පැමිණිලිකාරිය ඊයේ (14) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වුණා.
අද අධිකරණය හමුවට පැමිණි පුෂ්පිකා ද සිල්වා මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා,
"කීර්ති නාමයට වෙච්ච දේට අපි නඩුවක් පවරනවා ද? නැද්ද කියන දේ නීතිඥවරුන් එක්ක මං කතා කරගෙන යනවා. ඉදිරියට ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. දැන් වුණ දේවල් වුණා. එයාලට මං සමාව දීලා තියෙනවා. ඒ වගේම අධිකරණයෙන් තීන්දුව මත හැමදේම තීරණය වෙනවා."

No comments:
Post a Comment