මිරිස්සේදී යුක්‍රේන සංචාරකයන් බිය ගැන්වීමට රුසියානු සංචාරකයන් තැත් කරයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 2, 2022

මිරිස්සේදී යුක්‍රේන සංචාරකයන් බිය ගැන්වීමට රුසියානු සංචාරකයන් තැත් කරයි (VIDEO)

රුසියානු, යුක්රේන යුධ ගැටුම අද මුළු මහත් ලෝකයටම ප්‍රශ්නයක් වී තිබෙන කාරණයක් වනවා.

දෙපාර්ශවයෙන්ම ජීවිත බොහොමයක් අහිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංචාරයන් සදහා පැමිණ සිටින රුසියානු සහ යුක්රේන ජාතිකයන් අතරද මේ වනවිට සුලු සුලු මත ගැටුම් මතුවෙමින් පවතිනවා.

එවන් පසුබිමක අද දින යුද්ධයට එරෙහිව යුක්රේන සංචාරකයන් පිරිසක් විරෝධය පළකරද්දී රුසියානු කාන්තාවන් දෙදෙනකු පැමිණ ඊට විරෝධය පළ කරන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

ඒ මිරිස්ස මුහුදු වෙරලේදියි.

එම වීඩියෝව නැරඹීමේදී පැහැදිලිව පෙනෙන්නට ඇති කාරණාව වන්නේ යුක්‍රේන සංචාරකයන් බිය ගැන්වීමට රුසියානු සංචාරකයන් තැත් කිරීමයි.


No comments:

Post a Comment

Post Bottom Ad