අලුත් කැබිනෙට්ටුවත් දෙදරයි! අගමැතිට ඉල්ලා අස්වන්නැයි ඇමතිවරයෙක් ප‍්‍රසිද්ධියේ කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 22, 2022

අලුත් කැබිනෙට්ටුවත් දෙදරයි! අගමැතිට ඉල්ලා අස්වන්නැයි ඇමතිවරයෙක් ප‍්‍රසිද්ධියේ කියයි

අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සදහන් කරයි.

ජනතාව විශාල ආර්ථික පීඩනයකට ලක්ව ඇති අවස්ථාවේ රට ගොඩනැඟීමට එකම මාර්ගය අන්තර්වාර ආණ්ඩුවකට රට යොමුවීම් බවද හෙතෙම පැවසීය.

රට තුළ අවශ්‍ය කරන දේශපාලන ස්ථාවර භාවය ගොඩනැඟීමට නම් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු කරගෙන සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් පත් කර ගත යුතුව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ඒ සඳහා ජනාධිපතිවරයා තීන්දුව ගැනීමට පහසු වීම පිණිස තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා භාර දුන් බවද ඔහු පැවසුවේය.

නමුත් ජනාධිපතිවරා එය පිළිනොගත් නිසා තව දුරටත් ඇමති ධුරය දරන්නට තමනට සිදුව ඇති බව ද හෙතෙම කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad