ඇඳිරි නීතිය දාල අපි බය කරන්න බෑ... ආණ්ඩුවට එරෙහිව මම අද පාරට බහිනවා – රාජිත සේනාරත්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 2, 2022

ඇඳිරි නීතිය දාල අපි බය කරන්න බෑ... ආණ්ඩුවට එරෙහිව මම අද පාරට බහිනවා – රාජිත සේනාරත්න

අද (03) තමන් අනිවාර්යයෙන්ම මහ පාරට බැස ආණ්ඩුවට එරෙහිව විරෝධතාවට එක්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

සමගි ජන බලවේගය පක්ෂයක් වශයෙන් මේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර එහි ස්ථාවරය නුදුරේදීම ප්‍රකාශ කරනු ඇති බව බව ද හෙතෙම අවධාරණය කරයි.

තමන් පුරවැසියෙකු වශයෙන් අනිවාර්යයෙන්ම මහජන විරෝධතාවට සහභාගී වන බවයි, රාජිත සේනාරත්න සඳහන් කළේ.

“මේක මේ රටේ පීඩාවට පත්වුණු ජනතාව විසින් ප්‍රකාශයට පත්කරපු විරෝධතාවක්. ඒ මොහොතේ මම කිව්වා මම දේශපාලකයෙක් හැටියට නෙවෙයි පුරවැසියෙක් හැටියට මේ විරෝධතාවට සහාය දක්වමින් පාරට බහිනවා කියලා. මම ඒක කියපු විදියටම කරනවා. ඔය ඇඳිරි නීති දාලා අපිව බය කරන්නත් බෑ, අපිව නවත්තන්නත් බෑ” 



No comments:

Post a Comment

Post Bottom Ad