21 ජනමතයට පටහැනියි… සජිත්ගෙන් අන්තර්ජාලයට වීඩියෝවක් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 23, 2022

21 ජනමතයට පටහැනියි… සජිත්ගෙන් අන්තර්ජාලයට වීඩියෝවක් (VIDEO)

21 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තා සංශෝධනය ආණ්ඩුව විසින් ගෙනැවිත් ඇත්තේ ජන මතයට විරුද්ධව තමන්ගේ සිතැඟියාවන් අනුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මෙම සංශෝධනය දෝෂ සහිත බව නීතිඥ සංගමය විසින් පැහැදිලිව පවසා ඇතැයි ද හෙතෙම පැවසීය.

විසි එක්වෙනි සංශෝධනය මඟින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කළ යුතු බවත් එමෙන්ම 19 වැනි සංශෝධනය අංගසම්පූර්ණව බලාත්මක කළ යුතු බවද හෙතෙම කියා සිටී.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් කරමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad