හෙට උදේ 7ට ඇඳිරි නීතිය අයින් කර දවල් 2ට ආයෙත් දමයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 11, 2022

හෙට උදේ 7ට ඇඳිරි නීතිය අයින් කර දවල් 2ට ආයෙත් දමයි!

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය හෙට උදෑසන 7ට ඉවත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කෙසේ වෙතත් හෙට (12) පස්වරු 02.00ට යලිත් මුලු දිවයිනටම ඇඳිරිනීතිය පැනවෙනු ඇති.

එලෙස මුලු දිවයිනටම පැනවෙන ඇඳිරි නීතිය 13 වනදා (2022-05-13) අලුයම 6 දක්වා බල පැවැත්වෙනු ඇති.

ඒ අනුව ඇඳිරිනීතිය පනවා ඇති කාලසීමාවේදී බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නොමැති බවද අදාළ නිවේදනයේ සඳහන්ව තිබේ. 


No comments:

Post a Comment

Post Bottom Ad