9වනදා දැක්කේ ට්‍රේලර් එක, ෆිල්ම් එක ඉස්සරහට – ඩලස් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 18, 2022

9වනදා දැක්කේ ට්‍රේලර් එක, ෆිල්ම් එක ඉස්සරහට – ඩලස්

පසුගිය 9වනදා අත්වින්දේ වියහැකි ව්‍යවසනයක පූර්ව ප්‍රචාරක පටයක් පමණක් බවත් ඉදිරියේදී සම්පූර්ණ චිත්‍රපටය තිරගත විය හැකි බවත් හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ඒ, ඊයේ (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

එබැවින්, සිදුවූ විනාශයේ න්‍යෂ්ටිය හඳුනාගැනීම අත්‍යවශ්‍ය බවයි ඔහු අවධාරණය කරන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“මේ විනාශයේ න්‍යෂ්ටිය හඳුනගැනීම තමයි මේ විවාදයේ අවසානය විය යුත්තේ. අපි සියලුදෙනාම හැසිරෙන්නේ දරුවන් නැති රටක ජීවත් වෙනවා වගේ නෙමෙයි ද? භෞතික සම්පත් නැති වුණත් නැවත ලබාගන්න පුළුවන්. ජීවිත නැවත ලබාගන්න බෑ.

83 කළු ජූලියෙන් පසු පසුගියදා රට මුහුණ දුන්නා අවාසනාවන්තම සිදුවීමට. කවුද මේ තත්ත්වයට වගකියන්න ඕනේ. පාර්ලිමේන්තුවෙන් බාහිර සිටින අයද? අපි ද? ජනතාවගේ පීඩාව ගැන අපිට වගේවගක් තිබුණාද?

ජනතාව විවිධ විකල්ප ක්‍රියාමාර්ගවලට පෙළඹෙන්න පුළුවන්. වගකීම් විරහිත ආණ්ඩුවක් සහ වගකීම් විරහිත විපක්ෂයක්. පසුගියදා අපි අත්වින්දේ වියහැකි ව්‍යවසනයක ට්‍රේල එකක් විතරයි. ඉදිරියේදී තිරගත වෙන්න පුලුවන් බ්ලොක්බස්ටර් එක. එහි තරම අපිට හිතාගන්නවත් බැරි වේවි. අපි තවත් බලන් ඉන්නේ තව කුමක් වෙනකම් ද?

රටේ අනාගතය වෙනුවෙන් අපි සිහි බුද්ධියෙන් තීරණ ගත යුතුයි.

එළියේ සිට අපි දිහා බලන අයට අපිව පෙන්නේ, වේගයෙන් පල්ලමට යන වාහනයක එක්කෙනෙක්වත් තිරිංග පාගන්නේ නැතුව සුක්කානමට පොරකන කෑදරයින් පිරිසක් වගේ නේද?”

- චාපා කල්පනී

No comments:

Post a Comment

Post Bottom Ad