මගේ බිරිඳ සංචාරක වෘත්තිකයෙක්... පුතා එක්ක රට ගියේ ඒ වැඩ වලට... යෝෂිත ඕස්ට්‍රෙලියා පැනල ගියෙ නෑ - නාමල් ඉන්දීය රූපවාහිනී නාලිකාවකට කියයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 18, 2022

මගේ බිරිඳ සංචාරක වෘත්තිකයෙක්... පුතා එක්ක රට ගියේ ඒ වැඩ වලට... යෝෂිත ඕස්ට්‍රෙලියා පැනල ගියෙ නෑ - නාමල් ඉන්දීය රූපවාහිනී නාලිකාවකට කියයි (VIDEO)

මැයි 09 වැනිදා අහිංසක විරෝධතාකරුවන්ට මහින්දගේ ආධාරකරුවන් විසින් පහරදීමේ සිද්ධියට සමගාමීව අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානීව සිටි මහින්දගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ එම බිරිය සිංගප්පූරුව හරහා කිසියම් රටකට පිටත්ව ගිය බව ආරංචි පළවිය.

මීට සති කිහිපයකට පෙර රජයට එරෙහි විරෝධතා පැනනැගි කාලයේ නාමල් රාජපක්ෂගේ බිරිය දරුවාද සමග ඩුබායි හරහා කිසියම් රටකට ගිය බවට ආරංචියක්ද පැවතිණි.

ඉන්දීය 'මිරර් නව්' රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදීනී පද්මා රාඕ සමඟ පැවති සාකච්ඡාවකදී නාමල් රාජපක්ෂ මහතා මේ කරුණු ගැන පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

එහිදී ප්‍රතිචාර දක්වමින් යෝෂිත රාජපක්ෂ මහතාගේ සොහොයුරා වන හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ කියා සිටියේ, ඔහු ඔස්ට්‍රේලියාවට නොගිය බවත්, පෞද්ගලික සංචාරයක් සඳහා වෙනත් ස්ථානයකට ගිය බවත්ය, මෙම සිදුවීමට හෝ ඊට සම්බන්ධයක් නොමැති බවයි.

“මගේ බිරිඳට සහ මගේ පුතාට මේ හා සමාන දෙයක් සිදු වුණා, මගේ බිරිය සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින කාන්තාවක් ඇය ඇගේ රැකියාව සඳහා බොහෝ ගමන් යනවා, ඇත්ත වශයෙන්ම දරුවා සමග ඇය මේ වන විටත් රැකියාවට පිටත්ව ගොසින්.

දේශපාලනිකව මිනිස්සු හදන්නේ රටින් පැනලා ගියා කියලා කතා හදන්න. නැහැ, අපිට හංගන්න දෙයක් නැහැ, අපි මහජනතාවගෙන් ඈත් වෙන්නේ නැහැ, චෝදනාවලට අධිකරණයකදී මුහුණ දෙනවා.” නාමල් මෙහිදී කියයි.

මාධ්‍යවේදී පද්මා රාඕ සමඟ නාමල් රාජපක්ෂ මහතා කළ සම්මුඛ සාකච්ඡාව නරඹන්න.


No comments:

Post a Comment

Post Bottom Ad