ජනපති දුරකතන ඇමතුමකින් සජිත්ට ආණ්ඩුව භාරගන්න කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 8, 2022

ජනපති දුරකතන ඇමතුමකින් සජිත්ට ආණ්ඩුව භාරගන්න කියයි

රාජ්‍ය පාලනය භාරගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට ආරාධනා කර ඇත.

ජනාධිපතිවරයා දුරකතන ඇමැතුමක් මගින් පෙරේදා (මැයි 7) පෙරවරුවේ විපක්ෂ නායකවරයා අමතමින් මෙම ආරාධනාව කර ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

අගමැති මහින්ද රාජපක්ෂ තම ධූරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බැවින් මෙසේ ආණ්ඩුව භාර ගන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා ඇති බව වාර්තා වේ.

දුරකතන ඇමැතුම කෙටි අදහස් හුවමාරුවකට සීමා වී ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග ද සාකච්ඡා කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad