ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි : රටේ තත්වය ගැන විද්වතුන් කල අනාවරණය මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 11, 2022

ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි : රටේ තත්වය ගැන විද්වතුන් කල අනාවරණය මෙන්න

මේ වන විට රටේ අග්‍රාමාත්‍යවරයෙකු ප්‍රමුඛ ආණ්ඩවක් නොමැති පසුබිමක සහ අමාත්‍යාංශය මට්ටමින් අදාළ තීන්දු තීරණ ගැනීමට නිසි ලේකම්වරුන් නොමැතිවීම හේතුවෙන් රට ඉදිරියට පවත්වාගෙන යාමේ යාන්ත්‍රණය සම්පුර්ණයෙන්ම අකර්මන්‍ය වීමේ අවධානමක් පවතින බව පරිපාලන කේෂ්ත්‍රයට සම්බන්ධ විද්වතුන් පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම රටේ පවතින දරුණු ආර්ථික පසුගාමීත්වය හමුවේ විදේශ ණය ලබා ගැනීම, ආනයන අපනයන කටයුතු පවත්වාගෙන යෑම ඇතුළු කේෂ්ත්‍ර රාශියක් අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම මේ වන විට නොමැතිවීම නිසා ඉදිරි පැය 72ක ඇතුලත රට දරුණු තත්ත්වයක් කරා යනු ඇති බවයි එම ප්‍රවීනයින් පෙන්වා දෙන්නේ.

ඊයේ දිනයේදී මහ බැංකු අධිපති අචාර්ය නනදලාල් වීරසිංහ ද රටේ ඇතිවී තිබෙන දරුණු තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ බවත්, මේ හේතුවෙන් ඉක්මනින්ම අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා මෙන්ම රටේ සියලුම දේශපාලන පක්ෂ යුහුසුළුව ක්‍රියාත්මක වීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.

රටේ පවතින තත්ත්වය හමුවේ මෙය පක්ෂ දේශපාලනය ගැන හෝ සිය අභිමතයන් මුදුන්පත් කර ගැනීම යන කරුණු පසෙකලා විපක්ෂයේ දේශපාලන පක්ෂ තමන්ට ලැබෙන වගකීම අතට ගෙන රට ඉක්මනින් ස්ථාවර කිරීමට ක්‍රියා කළ යුතු බවත් නැවතත් රටේ වර්ජන හෝ විරෝධතා ඇතිවීම හරහා ආර්ථිකයට එල්ලවන බලපෑම් අවම කිරීමට පියවර ගත යුතු බවයි එම විද්වතුන් කියා සිටින්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad