ඩලස් ජනාධිපති වෙන්න අවශ්‍ය ප‍්‍රමාණය ඉක්වමා තවත් ඡන්ද 20ක්… - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 19, 2022

ඩලස් ජනාධිපති වෙන්න අවශ්‍ය ප‍්‍රමාණය ඉක්වමා තවත් ඡන්ද 20ක්…

මෙරට ජනාධිපති වීමට ඩලස් අලහප්පෙරුම මහතාට අවශ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඡන්ද ප්‍රමානයට වඩා ඡන්ද විස්සක් පමණ වැඩියෙන් මේ වන විටත් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඡන්න ජයසුමන මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන වෘත්තීයවේදීන්, නවක මන්ත්‍රීන් ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය භාවිතා කිරීම සඳහා එකඟතාවයට පැමිණ ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

රටම ඉල්ලා සිටින්නේ වංචාවෙන් දූෂණයෙන් තොර අයෙක් රට මෙහෙයවිය යුතු බවද පැවසූ ඔහු ඩලස් අලහප්පෙරුම මහතා එවැනි ගුණාංගවලින් යුක්ත අයෙක් බවද පැවසීය.

අලහප්පෙරුම මහතා ජනාධිපති ලෙස පත් වුවහොත් ඉදිරි වසර එක හමාරක කාලය තුළ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ගෙන ඒම සඳහා ඔහු සතු සැලසුම් පෙන්වා සිටි බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad