දින 52ක කුමන්ත්‍රණය වෙලාවේ රටේම උත්තරීතර තැන වෙච්ච පාර්ලිමේන්තුවේ සභා ගැබට හානි කළා! කිසිම කෙනෙක්ට දඬුවම් දුන්නේ නෑ! අද ජනපති මැදුරේ ස්විමින් පූල් එකේ සබන් ගාලා නෑවා කියලා නඩු දාන්න යනවා! මොන විහිළුවක්ද මේ! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 30, 2022

දින 52ක කුමන්ත්‍රණය වෙලාවේ රටේම උත්තරීතර තැන වෙච්ච පාර්ලිමේන්තුවේ සභා ගැබට හානි කළා! කිසිම කෙනෙක්ට දඬුවම් දුන්නේ නෑ! අද ජනපති මැදුරේ ස්විමින් පූල් එකේ සබන් ගාලා නෑවා කියලා නඩු දාන්න යනවා! මොන විහිළුවක්ද මේ! (VIDEO)

2018 වසරේ නීති විරෝධී ලෙස පත්කර ගත් දින 52 ආණ්ඩුව පැවැති අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගර්භයට හානි කළ මන්ත්‍රීවරුන්ට කිසිදු දඬුවමක් නොදුන් රජය, පොදු දේපලවලට හානි කිරීමේ චෝදනා මත අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට යෑම විහිළුවක් බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ කොටි හිතවාදියකු බවත්, බුද්ධි අංශ පාවාදුන් පුද්ගලයකු බවත් කියූ අයම අද ඔහුගේ දෙපා ළඟ වැටී සිටින අයුරු දැකීමට සිදුවීම කනගාටුවට කරුණක් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad