ශ‍්‍රී ලාංකිකයන් හැට ලක්‍ෂයකට කෑම නෑ... අපිට උදවු කරන්න - හිටපු ජනපති ලෝකයෙන් ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 31, 2022

ශ‍්‍රී ලාංකිකයන් හැට ලක්‍ෂයකට කෑම නෑ... අපිට උදවු කරන්න - හිටපු ජනපති ලෝකයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවට බලපා ඇති අධික උද්ධමන තත්ත්වය මත හැට ලක්ෂයක පමණ පිරිසක් ආහාර හිග තාවයකින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ආහාර, ඖෂධ, ඉන්ධන, පොහොර ආදිය සපයා ගැනීමට නොහැකිව ශ්‍රී ලාංකිකයන් දැඩි අවදානමකට ලක්ව සිටින බවත් ලෝක ආහාර වැඩසටහන ද මේ බව පෙන්වා දී ඇති බවත් හෙතෙම පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කරන ලද්දේ පිලිපීනයේ මැනිලා නුවර පැවති ජාත්‍යන්තර නායකත්ව සම්මේලනය අමතමිනි.

යුද ගැටුම් නිමවීමත් සමඟ ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් ලෙස නැගී සිටිනු ඇතැයි ජාත්‍යන්තර ප්‍රජාව පවා විශ්වාස කළ ද අද වන විට ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයක සිර වී සිටින බවත් එනිසා මතුවූ දේශපාලන අස්ථාවරත්වයෙන් ජන ජීවිතය අඩාල වී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ඒ හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය සහෝදරත්වය ශ්‍රී ලංකාවට මේ මොහොතේ අවශ්‍ය වන බව ද හෙතෙම එහිදී තවදුරටත් සඳහන් කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad