රනිල් ජන්දෙට කලින් පොරොන්දු වැළක්ම දෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 16, 2022

රනිල් ජන්දෙට කලින් පොරොන්දු වැළක්ම දෙයි!

ආර්ථික පීඩනයට ලක්වී සිටින ජනතාවගේ ජීවනබර අවම කිරීම සඳහා ඉන්ධන, ගෑස් සහ අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ලබාදීමට කඩිනම් සහන වැඩසටහනක් ආරම්භ කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ඊයේ (16) උදෑසන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මෙම තීරණ ගෙන ඇත.

ඊට අමතරව ලබන අගොස්තු මාසයේ දී ඉදිරිපත් කරන සහන අයවැයෙන් ඒ සඳහා තවත් අතිරේක  මුදල් යෙදවීමට තීරණයවී තිබේ.

ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ ක්‍රියාමාර්ග වේගවත් කර එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටද එම සාකච්ඡාවේදී වැඩබලන ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

විශේෂයෙන්ම ඉන්ධන සහ පොහොර ක්‍රමවත්ව හා කඩිනමින් ලබාදීමට ද මෙහිදී අවධානය යොමුවිය.

එමෙන්ම ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාර බධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කරදීම කෙරෙහි ද ⁣මෙම සාකච්ඡාවේදී යෝජනාවී තිබේ.

සාමකාමී අරගල නායකයින් විසින් භාරදී ඇති යෝජනාවලියේ සඳහන් මහජන කවුන්සිලය ⁣හොඳ යෝජනාවක් ලෙස පිළිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

දූෂණය මැඩලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අරගලකරුවන්ට දැනුම්දෙන බවද වැඩබලන ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad