09 වෙනිදා විරෝධතාව ෆොන්සේකාගේ පෞද්ගලික වැඩක්... සජබ කිසිම සම්බන්ධයක් නෑ – අලවතුවල - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 7, 2022

09 වෙනිදා විරෝධතාව ෆොන්සේකාගේ පෞද්ගලික වැඩක්... සජබ කිසිම සම්බන්ධයක් නෑ – අලවතුවල

එළඹෙන 09 වෙනිදා විරෝධතාව සඳහා සමගි ජන බලවේගයේ කිසිදු සම්බන්ධයක් නැතැයි එම පක්ෂ මන්ත්‍රී ජේ.සී. අලවතුවල පවසයි.

මන්ත්‍රීවරයා අවධාරණය කළේ, එය සජබ සභාපති සරත් ෆොන්සේකාගේ පෞද්ගලික මතය විනා පක්ෂයේ මතය නොව බවයි.

හිටපු ජනාධිපතිවරයා ජනතාව පළවා හැරි පසු රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථානුකූලව බලයට පත්ව ඇතැයි ද අලවතුවල පෙන්වා දෙයි.

සිය පක්ෂය ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් ජනතා ගැටලු විසඳීම සඳහා කාලයක් ඔහුට ලබා දීමට පක්ෂය තීරණය කර ඇති බවත් හෙතෙම වැඩි දුරටත් පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad