රනිල්ගේ සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන මහින්ද දෙගිඩියාවෙන්! - විගස පුවත් - Vigasapuwath

Sunday, August 7, 2022

රනිල්ගේ සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන මහින්ද දෙගිඩියාවෙන්!

සර්ව පාක්ෂික ආණ්ඩුවට පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වන සියලු පක්ෂ පරිත්‍යාගශීලී වන්නේ නම් පමණක් එම ආණ්ඩුව යහපත් ලෙස ඉදිරියට ගෙන යා හැකි බවයි.

සති අන්ත ජාතික පුවත්පතකට අදහස් පළ කරමින් ඔහු සඳහන් කළේ යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුවට වාමාංශික – දක්ෂිණාංශික මෙන්ම මධ්‍යස්ථ මතධාරී පක්ෂ රැසක් එකතු වනු ඇති බවත් එවැනි මිශ්‍ර දේශපාලන ව්‍යාපෘතියකදී හැම පක්ෂයක්ම තම තමන්ගේ අභිමානය සහ ආඩම්බරය අමතක කොට පවත්නා අර්බුදයෙන් රට ගොඩගැනීම උදෙසා පරිත්‍යාගශීලී විය යුතු බවත්ය.

එසේ නොවුණහොත් මෙම සර්ව පාක්ෂික ආණ්ඩුව ද තවත් කතා සාප්පුවක් පමණක් වනු ඇතැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

- asianmirror


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *