ලබන බ්‍රහස්පතින්දා (11) දිනයෙ ලංකාවට අතිශය තීරණාත්මක දවසක් බවට පත්ව තිබේ.
ඒ, තවත් ජාත්‍යන්තර අර්බුදයක ලංකාව සිර කරමින් ලබන බ්‍රහස්පතින්දා (11) චීනයට අයත් සන්නිවේදන නෞකාවක් වන ‘යුවාන් වැන්ග් – 5’ යාත්‍රාව හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබීමත්, සිංගප්පූරුවේ රැදී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ලංකාවට පැමිණීමට නියමිතව තිබීමත්ය.
මේ වන විටත් චීන නෞකාවට ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය විරෝධය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දීමට පියවර ගෙන තිබේ.
මීට අමතරව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වන ගෝපාල් බාග්ලේ මහතාද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළකොට ඇති බව දැනගන්නට ඇත.
ඉන්දියාවට අමතරව ඇමෙරිකානු රජයද මෙම චීන නෞකාව ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත නිල වශයෙන් විරෝධය පළකිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙරට ඇමෙරිකානු තානාපතිවරිය වන ජූලි චන්ග් මහත්මිය ඇමෙරිකානු රජයේ විරෝධය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම්දීමට කටයුතු කොට ඇත.
එමෙන්ම ඉන්දියාව සහ ඇමෙරිකාව ඉන්දීය මුහුදු සීමාව තුළ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවක්ද දැනගන්නට තිබේ. එය ලබන ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කර ඇත.

මීට අමතරව ලබන බ්‍රහස්පතින්දා (11) දිනයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
ඉකුත් ජූලි 09 වැනිදා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් කොළඹට පැමිණ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටවීමට පියවර ගෙන තිබිණි.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.
සිංගප්පූරු රජය මගින් දින 14ක තාවකාලික වීසා බලපත්‍රයක් ඒ මහතාට නිකුත් කර තිබූ අතර, පසුව එය තවත් දින කිහිපයකට දීර්ඝ කිරීමට පියවර කර තිබිණි.
ඒ අනුව ලබන සතියේදී එම කාලයද ඉකුත් වීමට නියමිතව ඇති බැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත්තේ නැවත වතාවක් ලංකාවට පැමිණීමටය.
එසේ පැමිණෙන හිටපු ජනාධිපතිවරයා මිරිහානේ පිහිටි සිය පෞද්ගලික නිවෙසේ පදිංචි වීමට සැලසුම් කොට ඇති බවද දැනගන්නට ඇත.
- mawratanews
No comments:
Post a Comment