උපාධිධාරීන් 18ක් දකුණේ පාසල්වල වැසිකිළි හෝදනවා - රැකියා දීහ හරිම විද්‍යාත්මකයි - දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 23, 2022

උපාධිධාරීන් 18ක් දකුණේ පාසල්වල වැසිකිළි හෝදනවා - රැකියා දීහ හරිම විද්‍යාත්මකයි - දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්

උපාධිධාරීන් 18ක් දකුණේ පාසල්වල වැසිකිළි හෝදනවා රැකියා දීහ හරිම විද්‍යාත්මකයි 
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ මගින් පාලනය වන පාසල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් ලෙස උපාධිධාරීන් 68 දෙනෙකු සේවය කරන අතර ඉන් 18 දෙනෙකු සනීපාරක්ෂක කම්කරුවන් බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා පවසයි.

දැනට වසර ගණනාවක සිට මෙම උපාධිධාරීන් 18 දෙනා පාසල්වල සනීපාරක්ෂක කම්කරු තනතුරට අදාළ සේවාවල නිරතව සිටින බව ද හෙතෙම පැවසීය.මේ පිළිබඳ තමන් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මහතා දැනුවත් කිරීමට පියවර ගත් බව ද අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසීය.
ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත මෙකී උපාධිධාරීන්ගේ පත්වීමේ ලිපියේ සඳහන් සනීපාරක්ෂක කම්කරු තනතුර වෙනස් කොට ඔවුන් පාසල්වල පුස්තකාල සහායක හා රසායනාගාර සහායක යන තනතුරු සඳහා පත්කිරීමට කටයුතු කරන බව ද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ ය.

එම උපාධිධාරීන් 68 දෙනා සඳහා 23දා සිට ඊට අදාළ පත්වීම් ලබා දෙන බව ද රංජිත් යාපා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad