අයවැයෙන් පසු ජාතික ආණ්ඩුවක්… කැබිනට් ඇමතිවරු 30ක්… නියෝජ්‍ය – රාජ්‍ය 50ක්... ඔක්කොම 80ක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 27, 2022

අයවැයෙන් පසු ජාතික ආණ්ඩුවක්… කැබිනට් ඇමතිවරු 30ක්… නියෝජ්‍ය – රාජ්‍ය 50ක්... ඔක්කොම 80ක්!

ලබන 30 වැනිදා  ප්‍රකාශ කරන නව අයවැයෙන් අනතුරුව පිහිටුවන්නේ ජාතික ආණ්ඩුවක් බව දේශපාලන ආරංචි මාර්ග කියයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා අවසන් බලාපොරොත්තුවත් අත්හැරී ඇති බව කියන එම ආරංචි මාර්ග අයවැයෙන් අනතුරුව දිවුරුම් දෙන කැබිනට් මණ්ඩලය තිහකට සුලු ප්‍රමාණයක් වැඩි වනුඇති බව පවසයි.

ඒ් සඳහා එක්වන සෑම සුළු පක්ෂයක් සඳහා කැබිනට් ඇමතිකමක් සමග නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිකම් පිරිනමන බැවින් සමස්ත ඇමති ධූර 80කට ආසන්න වනු ඇතැයි වාර්තා වේ.

ඒ් අනුව කැබිනට් ඇමතිවරු 30කට ආසන්න ප්‍රමාණයක්,  ආසන්න  නියෝජ්‍ය අමාත්‍ය ධූර සහ රාජ්‍ය අමාත්‍ය ධූර ප්‍රමාණයක් ප්‍රදානය වනු ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මේ වනවිට පොහොට්ටුව සඳහා ලබා දිය යුතු ඇමති ධූර, නියෝජ්‍ය ඇමති ධූර හා රාජ්‍ය ඇමති ධූර සම්බන්ධව ඒකඟතාවයකට පැමිණ ඇති බව ද වාර්තා වේ.

මෙතෙක් ඇමති මණ්ඩලය දිවුරුම් දීම ප්‍රමාද වන්නේ ඒ් සම්බන්ධව අභ්‍යන්තරයේ ඇති වී තිබුණු ගැටලු හේතුවෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad