රාජ්‍ය සේවයට බඳවා ගැනීම් නවත්වයි! බඳවාගන්න තියපු විභාගවල ප්‍රතිපල නිකුත් කිරීමත් නවත්වයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 23, 2022

රාජ්‍ය සේවයට බඳවා ගැනීම් නවත්වයි! බඳවාගන්න තියපු විභාගවල ප්‍රතිපල නිකුත් කිරීමත් නවත්වයි!

රාජ්‍ය සේවයට බදවා ගැනීමේ කිසිදු විභාගයක් නොපවත්වන ලෙසත්, මේ දක්වා පවත්වා ඇති බඳවා ගැනීමේ විභාගවල ප්‍රතිඵල ද නිකුත් නොකළ යුතු බවත් මුදල් අමාත්‍යාංශය විභාග දෙපාර්තමේන්තුවට ඊයේ (23 වැනිදා) දැනුම් දී ඇති බව වාර්තා වේ.

පාසල්වල පවතින සෞන්දර්ය, ගෘහ ආර්ථික විද්‍යා සහ ඉංග්‍රීසි ගුරුවරුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේ පැවැති විභාගයේ ප්‍රතිඵල ද නිකුත් කිරීමට නොහැකි වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය. එ

ම ප්‍රතිඵල නිකුත් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දීමක් නොකළ බවත් එම ප්‍රතිඵල නිකුත් කළහොත් බඳවා ගැනීම් කිරීමට සිදුවීම ඊට හේතුව බවත් එම ප්‍රකාශකයා කීවේය.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නතර කිරීමට පියවර ගත්තේ මෙම වසරේ අයවැය යෝජනාවක් අනුව ය.


No comments:

Post a Comment

Post Bottom Ad