ප්‍රබල දේශපාලනඥයා අරගලයේ බලය අල්ලයි... දෙවන රැල්ල හදන්න මධ්‍යස්ථානයක්... සියලු තොරතුරු ආරක්ෂක අංශ අතට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 24, 2022

ප්‍රබල දේශපාලනඥයා අරගලයේ බලය අල්ලයි... දෙවන රැල්ල හදන්න මධ්‍යස්ථානයක්... සියලු තොරතුරු ආරක්ෂක අංශ අතට!

රට දිනවන අරගලයේ දෙවැනි රැල්ල යනුවෙන් වොක්ෂෝල්වීදියේ ස්ථානයක අරගල ජාතික මධ්‍යස්ථාන නමින් අද ආරම්භ කර ඇති නව සංවිධානය සම්බන්ධයෙන් බුද්ධි නිලධාරීන් යොදවා විමර්ශයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙසට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය දේශබන්දු තෙන්කෝන් කොළඹ මධ්‍යම කොට්ඨාසයේ උසස් නිලධාරීන් ලිඛිතව දැනුම්වත් කර ඇත.

ප්‍රබල දේශපානඥයකුගේ මෙහෙයවීමට යටතේ මෙම මධ්‍යස්ථනය ඊයේ පෙරවරුවේ කොළඹ 02, වොක්ෂෝල්වීදියේ අංක 143 දරන ස්ථානයේ ස්ථාපත කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීරණ නිලධාරියා වශයෙන් පත්කර ඇති මංජුල සමරසේකර එම ප්‍රබල දේශපාලනඥයා සමග ක්‍රියාකාරි දේශපානයේ නිරත ඔහුගේ සමීපතමයකු වශයෙන් කටයුතු කරන්නකු බවට තොරතුරු හෙළි වී ඇත.

මෙම නව සංවිධානයට නව සමාජිකයන් බඳවා ගැනීම සදහා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය ලබා දී ඇති බවද එම ලිපිය මගින් දැනුම් දී ඇත.

මෙම නව සංවිධානයට ජනතා විමුක්ති පෙරමුණේ, පෙරටුගාමී පක්ෂ යටතේ ක්‍රියාත්මක සිවිල් හා බහුජන සංවිධාන ක්‍රියාකාරින්ගේ සහය හිමිව ඇති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අරගලයේ නිරත ව සිටි පාර්ශව ඒකාබද්ධව නව සංවිධානයක් ආරම්භ කර නව සාමාජිකයන් බදවා ගැනීම සැලසුම් කර ඇති බවට තොරතුරු අනාවරණ වන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

මෙම නව සංවිධානයේ අනුශාසකවරුන් වශයෙන් ජීවන්ත පීරිස් පියතුමා, කොස්වත්තේ මහානාම හිමියන් කටයුතු කරන බවත්, සම කැඳවුම්කරුවන් වශයෙන් මාධ්‍යවේදී කැලුම් අමරසිංහ, සේනාධි චතුරංග ගුරුගේ, මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් මංජුල සමරසේකර පත්කිරීමට නියමිත බවට ද පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.

උපුටා ගැනීම : emanisa


No comments:

Post a Comment

Post Bottom Ad