ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ විරෝධය! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 23, 2022

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ විරෝධය!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම මානව හිමිකම් සම්බන්ධයෙන් නොගැළපෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය පවසනවා.

මේ පිළිබදව බ්‍රිතාන්‍ය සැළකිලිමත් වන බවත්, එම පනත භාවිතය නැවැත්වීම සඳහා සිය කැපවීම්වලට එකඟව කටයුතු කරන ලෙසත් ඇය වැඩිදුරටත් සදහන් කරනවා.

මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ශ්‍රී ලංකාවේ මෑතකාලීන අත්අඩංගුවට ගැනීම්වලදී භාවිත කිරීම පිළිබඳ කණස්සල්ලට පත්වන බව යුරෝපා සංගමයද සඳහන් කරනවා.

මේ අතර මෙරට ඇමරිකානු තානාපතිනී ජූලි චෑංග් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නිතීන් භාවිත කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට බාධාවක් බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad