පත්වෙන්නත් කළින් රාජ්‍ය ඇමතිලා වෙනම වැය ශීර්ෂයක් ඉල්ලයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 22, 2022

පත්වෙන්නත් කළින් රාජ්‍ය ඇමතිලා වෙනම වැය ශීර්ෂයක් ඉල්ලයි!

රාජ්‍ය ඇමැතිවරුන් සඳහා වෙනම වැය ශීර්ෂයක් සහ විෂය පථයන් ගැසට් කර බලතල ලබාදෙන ලෙස හිටපු රාජ්‍ය ඇමැතිවරුන් තිස්හතර දෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා හා හිටපු රාජ්‍ය ඇමැතිවරු අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී හිටපු රාජ්‍ය ඇමැතිවරයකු පෙන්වා දී ඇත්තේ වත්මන් කැබිනට් ඇමැතිවරු දෙදෙනකුගේ බලපෑම මත රාජ්‍ය ඇමැතිවරුන්ගේ විෂය පථයන් ගැසට් නොකිරීමට තීරණය කර ඇති බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ආකාරයට රාජ්‍ය ඇමැතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කළ යුතු බවද ඔවුන් යෝජනා කර ඇත.

කෙසේ වෙතත් පත් කරන්නේ රාජ්‍ය ඇමැතිවරුද, නියෝජ්‍ය ඇමැතිවරුද යන්න අවසන් තීන්දුවක් ගෙන නොමැති බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

හිටපු රාජ්‍ය ඇමැතිවරු තිස්හතර දෙනාගෙන් විසිහය දෙනෙක් මෙම සාකච්ඡාවට එක්ව සිටි බවද මේ අතර වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad