ආණ්ඩුවේ පිරිසක් විපක්‍ෂයේ අසුන් ගනී... අද සිට විපක්‍ෂයේ... ලයිස්තුව මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 30, 2022

ආණ්ඩුවේ පිරිසක් විපක්‍ෂයේ අසුන් ගනී... අද සිට විපක්‍ෂයේ... ලයිස්තුව මෙන්න

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහතා මහාචාර්ය ජී එල් පීරිස් මහතා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, නාලක ගොඩහේවා, චරිත හේරත්, චන්න ජයසුමන, කුමාරසිරි රත්නායක, ගුණපාල රතනසේකර, උදේන කිරිදගොඩ, වසන්ත යාපා බණ්ඩාර, උපුල් ගලප්පත්ති, තිලක් රාජපක්‍ෂ, ලලිත් එල්ලාව යන පිරිසක් මෙලෙස අද දිනයේ විපක්‍ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇත.
 
විපක්ෂයේ අසුන් ගැනීම සම්බන්ධයෙන් එම කණ්ඩායම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී සිය මතය ඉදිරිපත් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad