ද්විත්ව පුරවැසි බව තියෙන 10 දෙනෙක් පාර්ලිමේන්තුවේ! 22 සම්මත වුණාට පස්සේ මේ 10 දෙනාට වෙන දේ අධිකරණ ඇමැති කෙළින්ම කියයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 22, 2022

ද්විත්ව පුරවැසි බව තියෙන 10 දෙනෙක් පාර්ලිමේන්තුවේ! 22 සම්මත වුණාට පස්සේ මේ 10 දෙනාට වෙන දේ අධිකරණ ඇමැති කෙළින්ම කියයි!

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමඟ ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය මන්ත්‍රී ධුරය දැරීමේ අවස්ථාව අහිමි වන්නේ යමෙකු ඔවුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඔවුන්ගේ මන්ත්‍රී ධූර අභියෝගයට ලක් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධව ලැබෙන තීන්දුවට අනුව බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. 
අමාත්‍යවරයා සඳහන් කළේ වර්තමාන පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් දස දෙනකු පමණ සිටින බවය.

කිහිප දෙනකු හැරෙන්නට එම මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න තමන් හරිහැටි නොදන්නා බවද විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

මෙම සංශෝධනයේ මූලික ස්වරූපයේ වෙනසක් නොමැතිව සංශෝධන සහිතව සම්මත වීම පිළිබඳ තමා සතුටට පත්වන බවත්, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තැබුණු තීරණාත්මක පියවරක් වනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


No comments:

Post a Comment

Post Bottom Ad