ප‍්‍රියමාලි පසුපස මහමොළකාරිනිය ජානකී! ඇය රකින්නේ ලොකුම දේශපාලන පවුලක්! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 22, 2022

ප‍්‍රියමාලි පසුපස මහමොළකාරිනිය ජානකී! ඇය රකින්නේ ලොකුම දේශපාලන පවුලක්! (VIDEO)

මූල්‍ය වංචා මත මත දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාව පසුපස සිටින මහමොළකාරිනිය වන්නේ ව්‍යාපාරික ජානකී සිරිවර්ධන බව ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා සඳහන් කරයි. 
ජානකී සිරිවර්ධන හිරේ නොදා ආරක්ෂා කරන්නේ ලංකාවේ ලොකුම දේශපාලන පවුලක් බවද හෙතෙම කියා සිටියි.

මෙම සියලු වංචා සිදු වෙද්දී මහ බැංකුව ඇස් පියාගෙන බලා සිටි බව ද පුදුම සහගත බවත් පවසන ඔහු මෙම මුදල් තවමත් නැති වී නැති බවත් එ්වා සගවාගෙන සිටින බවත් සදහන් කලේය.

ජානකී සිරිවර්ධන නිදහසේ සිටිනා තාක් මෙම පරීක්ෂණ නිසියාකාරව සිදු කිරීමට නොහැකි බව ද ඔහු පවසන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

එහිදී තව දුරටත් සඳහන් කරන්නේ තමන් අධිකරණ ඇමති වූයේ නම් විජයදාස රාජපක්ෂ මහතා මෙන් තම පුත්‍රයා තිළිණි ගේ නඩුව වෙනුවෙන් පෙනී සිටීමට නොයවන බවය.


No comments:

Post a Comment

Post Bottom Ad