දෙයියන්ගෙම පිහිටයි! ‌චොකා මල්ලිට ගැසට් එකකින් බලය පවරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 4, 2022

දෙයියන්ගෙම පිහිටයි! ‌චොකා මල්ලිට ගැසට් එකකින් බලය පවරයි!

වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට පැවරී ඇති කාර්‍යයන් කිහිපයක් ඒ මහතාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයකින් එම රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාට පවරනු ලැබ ඇත.

මේ අනුව පලාලි ගුවන්තොටුපොළ, රත්මලාන ගුවන්තොටුපොළ, සංවර්ධනය සඳහා හඳුනාගත් ඕනෑම ගුවන් තොටුපොළවල්, කන්කසන්තුරේ වරාය සහ  ඔලුවිල් වරාය වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය වරයාගේ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ  සංවර්ධනය  කිරීම රාජ්‍ය අමාත්‍යවරයාට පැවරෙනු ඇත.

මෙයට අමතරව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ ඇති සියලුම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් වරාය හා ගුවන් සේවා අමාත්‍ය වරයාට සහාය වීමද  රාජ්‍ය අමාත්‍යවරයාට පැවරෙන බව  එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.


No comments:

Post a Comment

Post Bottom Ad