ජනපති රනිල්ට බැදුම්කර වංචාවට චෝදනා එල්ල වී නෑ - ෂෙහාන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 4, 2022

ජනපති රනිල්ට බැදුම්කර වංචාවට චෝදනා එල්ල වී නෑ - ෂෙහාන්

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරයට පත් වීමට පෙර හෝ ඉන් පසු චෝදනා එල්ලවී නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ලද කිසිදු ආයතනයකින් හෝ අධිකරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් චුදිතයෙකු ලෙස නම් කර නැති බවත් ඔහු පැවසීය.

මහබැංකු බැදුම්කර වංචාවක් සිදු කළේ කවුරුවත් වුවද ඊට අදාළ නීතිමය කටයුතු දැන් සිදු වෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පල කලේ පාර්ලිමේන්තුවේදී විමසන ලද පැනයකට ප‍්‍රතිචාර ලෙසයි.


No comments:

Post a Comment

Post Bottom Ad