ඛණිජ තෙල් සේවකයෝ ලෙඩ නිවාඩු දමා වර්ජනයක… බෙදාහැරීම් බිඳවැටෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 18, 2022

ඛණිජ තෙල් සේවකයෝ ලෙඩ නිවාඩු දමා වර්ජනයක… බෙදාහැරීම් බිඳවැටෙයි!

අද (18)  පාර්ලිමේන්තුවේ දී විවාදයට ගන්නා ඛනිජතෙල්  නිශ්පාදන විශේෂ විධි විධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව  ඛණිජතෙල් සේවකයෝ   ලෙඩ නිවාඩු ගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ සිටිති.
ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල ප්‍රකාශ කළේ මේ වනවිට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති බවය. 
ඛණිජතෙල් නීතිගත සංස්ථාව විනාශ කරන දුර්දාන්ත පනතක් ලෙස හඳුනාගෙන ඇති මෙම  පණතට විරෝධය පල කිරීම සඳහා දේශාපලනයකින් තොරව  සියලුම වෘත්තීය සමිති එක් වී ඇති බවත්  සභාපතිවරයා කීවේය.

මෙම පනත නැවත හකුළුවාලත්නේ නැතිනම් සියලුම වෘත්තිය සමිති එක් වී දැඩි විරෝධතා වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද   ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල පැවසීය.

මේ පිලිබඳව ලංකාසර කළ විමසීමක දී  ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පැවසුවේ අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති වැඩපිළිවෙළ නිසා  අද ඉන්ධන පුරවා ගැනීම සඳහා ගිය ටැංකි රථ සියල්ල ඉන්ධන රහිතව  නැවත හැරී පැමිණි බවය.



No comments:

Post a Comment

Post Bottom Ad