ජාතික සභාවට පොහොට්ටුවෙන් දැම්මේ අට පාස් මෝඩයෝ ටිකක්! මේක ‌කන්ට්‍රෝල් වෙන්නේ අමෙරිකාවෙ ඉඳන්! දයාසිරි ජාතික සභාවේ පට්ට පතුරු යවයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 3, 2022

ජාතික සභාවට පොහොට්ටුවෙන් දැම්මේ අට පාස් මෝඩයෝ ටිකක්! මේක ‌කන්ට්‍රෝල් වෙන්නේ අමෙරිකාවෙ ඉඳන්! දයාසිරි ජාතික සභාවේ පට්ට පතුරු යවයි!

ජාතික සභාවට පොහොට්ටුවෙන් පත්කර ඇත්තේ අට පාස් මෝඩයෝ ටිකක් බව ශ්‍රීලනිප ලේකම්, පොහොට්ටුවේ මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.ජාතික සභාවක් යනු රටේ ආනාගතය පිළිබඳව තීන්දු තීරණ ගන්නා තැනකනම් එවැනි තැනක සිටිය යුත්තේ උගත්, බුද්ධිමත් පිරිසක් බවයි මන්ත්‍රීවරයා කියන්නේ.

“ජාතික සභාවට පත් කරලා තියෙන කට්ටිය දැක්කනේ. පොදුජන පෙරමුණෙන් නියම බදු ටිකක් තමයි දාලා තියෙන්නේ. ජාතික සභාවක් කියන්නේ මේ රටේ අනාගතය ගැන තීරණ ගන්නා තැනක්. ඒ තැනට දාන්න ඕනේ උගත්, බුද්ධිමත් පිරිසක්. පොදුජන පෙරමුණේ නැද්ද එහෙම මිනිස්සු. අටපාස් මෝඩයෝ ටිකක් තමයි එතනට දාලා තියෙන්නේ. ඒකට හේතුව තමයි අමෙරිකාවේ ඉඳලා කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන එක. රිමෝට් එක තියෙන්නේ එයාගේ අතේ. නිකරුණේ සල්ලි වියදම් කරන ආණ්ඩුවක් තමයි දැන් තියෙන්නේ” යි මන්ත්‍රීවරයා සඳහන් කරනවා.


No comments:

Post a Comment

Post Bottom Ad